UNDP complaint

පෙරපාසල්

හැඳින්වීම

පෙරපාසල් අධ්‍යාපනයේදී සාමාන්‍ය වශයෙන් සලකා බැලෙන්නේ වයස අවුරුදු 3 සහ 5 අතර ළමුන්ය. ළමුන් සංවර්ධනය වන අවධියේ දී තොරතුරු සීඝ්‍රව ග්‍රහනය කර ගන්නා අතර නව නිර්.මාණ බිහි කරයි. මෙම අවධියේදී සිදුවන මොළයේ වර්.ධනය ජීවිතයේ අවසානය දක්වාම මනා සබදතාවක් ඇතිකර ගනී. පෙරපාසල් අවධියේ දී ලබාගන්නා වූ අත්දැකීම් දරුවාට කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනව බලපා ඇතිබව සමීක්ෂණ මඟින් තහවුරු කරයි.

පෙරපාසල් ඔවුන්ට සුවිශේෂි වූ ඉැගැන්වීම් ක්‍රම අනුගමනය කරයි.ඒ අතරට කථනය, සවන්දීම, ගණිතමය අත්දැකීම්, නර්ථනය, සංගීතය, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ආදිය යොදා ගනී. ළමුන්ගේ ක්‍රියාකාරකම් හොඳින් අධ්‍යයනය කිරීමටත්,දිරිගැන්වීමටත්, හැකියාවන් ඔප්නැංවිමටත් ඒ තුළින් හැකියාව ලැබේ. විෂය දැනුමට සමගාමීව බාහිර ක්‍රියාකාරකම් අන්තර්ගත කරමින් විෂය නිර්දේශයන් සකස් කර ඇත. විෂය නිර්දේශයන්ගේ මඟයමින් විෂය දැනුමෙන් ළමා මනස දැනුම එක් කරනු අතර බාහිර ක්‍රියාකාරකම් ලෙස,

            • විවිධ ශබ්ද හා සංගීතය
            • අත්කම්
            • ගුරු දින, දෙමාපිය දින සැමරීම්
            • විනෝද චාරිකා
            • වාර්ෂික විවිධ ප්‍රසංග
            • විවිධ සංස්කෘතික උත්සව

ආදී ක්‍රියාකාරකම් මඟින් ළමා මනස පෝෂණය කිරීමට කටයුතු කරයි. එලෙසටම විනීත සෞඛ්‍යය සම්පන්න දරු පරපුරක් බිහිකරනු වස් යහපත් පුරුදු හා චාරිත්‍ර ඇතිකරවීමට

            • සාරධර්.ම පුහුණු කිරීම
            • විනීතව ආහාර ගැනීමේ රටාවන් වර්ධනය කරවීම
            • අන් අය සමඟ සහයෝගීව කටයුතු කරවීමට පෙළඹවීම
            • සොබාදහමට ලැදියාව ඇති දරුවෙකු බිහිකිරීමට ඔවුන්ගේ ආකල්ප වර්ධනය කිරීමද සිදු කරනු ලබයි.

පෙරපාසල් ලැයිස්තුව

                    • දිලෙන තරු පෙරපාසල

පෝෂණ වැඩසටහන

දිනය යෝජිත කෑම වට්ටෝරුව
සදුදා බත් , ව්‍යාංජනයක්, මැල්ලුමක් , බිත්තර මස් හෝ මාළු , පළතුරක් ( අමතරව කැඳ ලබාදෙනු ලැබේ. )
අඟහරුවාදා කිරිබත් , පළතුරක් ( අමතරව සුප් ලබාදෙනු ලැබේ. )
බදාදා මිශ්‍ර ධාන්‍ය සමඟ බත , පළතුරක් ( අමතරව සව් කැඳ ලබාදෙනු ලැබේ. )
බ්‍රහස්පතින්දා එළවළු මිශ්‍ර බත , පළතුරක් ( අමතරව සව් කැඳ ලබාදෙනු ලැබේ. )
සිකුරාදා ඉදිආප්ප , ආප්ප , හැලප , පළතුරක් ( අමතරව කැඳ ලබාදෙනු ලැබේ. )

පෙරපාසලට ඇතුළත්වීමේ සුදුසුකම්

  • බුත්තල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පදිංචි  දෙමාපියන්ගේ දරුවන් වීම.
  • දරුවන් වයස අවුරුදු 03 සම්පූර්ණ කර තිබීම.

පෙරපාසලේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව

Top