UNDP complaint

ඩෙංගු මර්ධනය

30 March 2021

ඩෙංගු මර්ධනය

news images

නිරෝගීකම රැක ගැනීම සඳහා අප ගන්නා ආහාර පාන සේම භාහිර සාධක ගැනත් අපි නිරන්තරයෙන් විමසිලිමත් විය යුත්තෙමු. පෝෂණය මෙන්ම වටපිටාවේ පිරිසුදුතාවද නිරෝගී දිවි පෙවෙතකට අත්‍යවශ්‍යම වේ. අපි කෙතරම් ශරීර සෞඛ්‍ය ගැන හිතුවද වටපිටාව පිරිසුදු නැතිනම් නිතරම විවිධ රෝගවලට ගොදුරු වීමටත්, අපිරිසුදු පරිසරයේ සතුන් බෝවීම නිසා වරින් වර අසනීප වීමටත් අපට සිදු වේ.

අපිරිසුදු පරිසරය මදුරුවන්ගේ ගහණය වැඩි වීමට කදිම තෝතැන්නක් මෙන්ම එමගින් සම්ප්‍රේෂණය වන ලෙඩද ගණනාවකි. ඒ අතර ඩෙංගු රෝගය විශේෂයෙන් සඳහන් කළ හැක්කේ වරින් වර මේ කාලයේදී මතුව ආ බැවිනි.
බුත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම උදෙසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උපදෙස් මඟපෙන්වීම් යටතේ සෙසු රාජ්‍ය ආයතනවල සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

Top