රාජ්‍ය ආයතනවලට විශාල වැයබරක් වී ඇති අධිසුඛෝපභෝගි වාහන අපහරණය
රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධිසුඛෝපභෝගි වාහනවල නඩත්තුව හා ඉන්ධන සඳහා වැයවන පිරිවැය සැලකිල්ලට ගනිමින්,එවැනි අධිසුඛෝපභෝගි වාහන අපහරණය කිරීම ආර් ථික වශයෙන් ඵලදායි බව පෙනී ගොස් ඇත. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනයල පවතින වාහන පිළිබඳ විධිමත් පරිදි අධ්‍යනයක් සිදු කර පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800CC ට වැඩි වාහන හා ඩීසල් එන්ජින් ධාරිතාව 2300CC ට වැඩි වාහන (ඩබල් කැබ්/සිංගල් කැබ්/වෑන් රථ/බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයට යටත්ව 2025/03/01 දිනට පෙර අදාල ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් අපහරණය කිරීමටත් අනතුරුව කොම්ප්ට්‍රෝලර් ජනරාල්වරයා වෙත වාර්තා කිරීමට අදාළ චක්‍රෙල්ඛ හා උපදෙස් නිකුත් කිරීමට භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.