UNDP complaint

දේපළ බද්ද

බල ප්‍ර දේශයේ ජනතාවට පහසුවෙන් ළගා විය හැකි ස්ථානයකින් එදිනෙදා අවශ්‍යතා සපුරාලීමට හැකි වනසේ පොදු උපයෝගිතා සේවාවක් වශයෙන් පළාත්පාලන ආයතන විසින් සතිපොළ,මස්කඩ,මාළුකඩ,පොදු වැසිකිළි ඇතිකර පවත්වා ගෙන යනු ලැබේ. බුත්තල ප්‍රාදේශීය සභාව විසින් සතිපොළ ,පොදු වැසිකිළි උපයෝගි සේවාවක් වශයෙන් පවත්වා ගෙන යමින් බල ප්‍ර දේශයේ ජනතාවගේ නිෂ්පාදන ද්‍රව්‍ය්‍ය විකුණා ගැනීමටත්, අවශ්‍ය ද්‍රව්‍යය පහසු මිලට ලබා ගැනීමටත්, දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීමටත් පහසුකම් සලසනු ලැබේ. මෙම උපයෝගිතා සේවාවන් ලබා දීම වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් වැය කරනු ලබන වියදම ආවරණය කර ගැනීමටද කටයුතු කරනු ලැබේ.

ලංසු කැඳවීමේ, ඉල්ලුම් කිරීමේ හා ලංසු පිරිනැමීමේ ක්‍රියාපටිපාටිය

පටිපාටිය කාලසීමාව අධිකාරිය
ලංසු කැඳවීමේ දැන්වීම ප්‍රසිද්ධ කිරීම සභාපති/සභා ලේකම්
මුද්‍රා තබන ලංසු භාර ගැනීම සභා ලේකම්
ආපසු ගෙවන හා නොගෙවන මුදල අයකර ලංසු ඉල්ලුම්පත්‍ර නිකුත් කිරීම මුදල් අයකැමි/ විෂයභාර නිලධාරි
ලංසු ඉල්ලුම්පත්‍ර භාරගෙන ලංසු භාරගැනීමේ පෙට්ටියට දැමීම/දැමීමට සැලැස්වීම කිරීම සභා ලේකම්
ලංසු ඉල්ලුම්පත්‍ර විවෘත කිරීම හා ඉල්ලුම් කළ ලංසු වටිනාකම් ප්‍රකාශයට පත් කිරීම ලංසු විවෘත කිරීමේ කමිටුව
ලංසු ඉල්ලුම් ඇගයීම හා ඇගයීම් වාර්තා ප්‍රසම්පාදන කමිටුවට යොමු කිරීම ලංසු ඇගයීම් කමිටුව
අවසන් නිර්දේශය මහ සභාවට/ කමිටුවට යොමු කිරීම සභාපති/සභා ලේකම්
ලංසු ප්‍රදානය පිළිබඳ අවසන් තීරණය ගැනීම මහසභාව
ලංසු පිළිගත්බව හා සාර්ථක ලංසුකරු හා ගිවිසුම්ගතවන බව ලංසුකරුට දැනුම් දීම සභා ලේකම්
ඇප තැන්පත් භාරගැනීම හා ඒ පිළිබඳව ලේකම්වරයා දැනුවත් කිරීම විෂයභාර නිලධාරි
කෙටුම්පත් කරන ලද ගිවිසුම විෂයභාර අමාත්‍යවරයාට යොමු කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කිරීම ගරු විෂයභාර අමාත්‍යවරයා
සාර්ථක ලංසුකරු හා ගිවිසුම්ගත වීම සභාපති/සභා ලේකම්
අදාළ ස්ථානයන්හි යතුරු බදුකරු වෙත භාර දීම සභා ලේකම්
Top