UNDP complaint

වරිපනම් කාර්යය සඳහා නාම සංශෝධනය

වරිපනම් කාර්යය සඳහා නාම සංශෝධනය

ඔබගේ දේපලේ අයිතිය තහවුරු කර ගැනීම සදහාත්, වරිපනම් නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම සඳහාත් වරිපනම් කාර්යය සඳහා නාම සංශෝධනය සිදුකරගත හැකිය. එහිදී ඔබ විසින් ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු වරිපනම් ගාස්තුව හිඟයකින් තොරව ගෙවා තිබිය යුතුය.

දේපළ අයිතිය සංශෝධනය කර ගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛන

වරිපනම් බලප්‍රදේශය තුළ ඔබට හිමිව ඇත්තේ නීත්‍යානුකූල ඉඩමක් නම්,

ඔබගේ පවතින දේපළ අයිතිය සංශෝධනය කර ගැනීම සඳහා පහත සඳහන් ලිපිලේඛන අවශ්‍ය වේ.
* ඉල්ලීම් ලිපිය
* අයදුම්පත්‍රය
* නීත්‍යානුකූල ඉඩමේ ඔප්පුව
* ඉඩමේ පිඹුරුපතේ ඡායා පිටපත
* මාස 06 තුළ ලබාගන්නා ලද පත්තිරු
* ග්‍රාම නිලධාරිගෙන් ලබා ගන්නා ලද පදිංචි සහතිකය

වරිපනම් බලප්‍රදේශය තුළ ඔබගේ ඉඩමට හිමිව ඇත්තේ බලපත්‍රයක් නම්,

ඔබ විසින්
* ඉල්ලීම් ලිපිය
* අයදුම්පත්‍රය
* ඉඩමේ අයිතිය පිළිබඳ තොරතුරු
* ග්‍රාම නිලධාරිගෙන් ලබා ගන්නා ලද පදිංචි සහතිකය
* විදුලි බිල
* ජල බිල
* ජාතික හැඳුනුම්පත
රැගෙන දේපළ අයිතිය සංශෝධනය කර ගැනීම සඳහා පැමිණිය යුතු වේ.

Top