UNDP complaint

වරිපනම් බද්දක් යනු

ප්‍රාදේශීය සභා සීමාව තුළ පදිංචි සෑම නේවාසිකයෙකු විසින් සිය නේවාසික දේපලෙහි වාර්ෂික තක්සේරු වටිනාකම මත ප්‍රාදේශීය සභාව වෙත ගෙවිය යුතු බද්දකි. ප්‍රාදේශීය සභා පනතේ 3වන වගන්තියෙන් නියම වී ඇති කාර්යයන් ඉටුකිරීමට යාමේදී දරනු ලබන වියදම් අය කර ගැනීම සඳහා එම පනතේ 134 සිට 166 දක්වා වගන්ති මේ සඳහා පවතින නෛතික අධිකාරිය වේ. වරිපනම් බදු පැනවීමේ දී ප්‍රධාන මාර්ග යටතේ පවතින දේපළ සඳහා 12% ද අතුරු මාර්ග යටතේ පවතින දේපළ සඳහා 10% ද තක්සේරු මුදලෙන් අය කරනු ලැබේ.

වරිපනම් බද්දෙන් නිදහස් දේපළ

* පොදු ආගමික පූජනීය කටයුතු සඳහා මුළුමනින්ම හෝ ප්‍රධාන වශයෙන් ප්‍ර යෝජනයට ගනු ලබන සියලු ඉඩම් හෝ ගොඩනැගිලි

* ගාස්තු අය නොකරන අධ්‍යාපනික ආයතන විසින් හෝ රාජ්‍ය අරමුදල්වලින් ආධාර ලබන්නාවූ හෝ එවැනි ආධාර කලින් ගෙවා දැන් නොගෙවන්නා වූ අධ්‍යාපනික
ආයතන භාවිත කරන ඉඩම් හෝ ගොඩනැගිලි

*සුසාන භූමි හා මිනීපිටි ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කරන හෝ ලියාපදිංචි කරන ලද සියලු සුසාන භූමි හා භුමිදාන බිම්

*අයිතිකරුගේ දරිද්‍රතාව හේතුකොටගෙන ප්‍රාදේශීය සභාව විසින් යෝජනා සම්මතයකින් එම බද්දෙන් විශේෂ වශයෙන් නිදහස් කරනු ලබන දේපළ

වරිපනම් බදු ගෙවීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

ප්‍රාදේශීය සභාව විසින් වාර්ෂිකව තක්සේරු කරනු ලබන දේපලෙහි වාර්ශික වටිනාකමට ගැලපෙන මුදල අදාල වර්ෂයේ වරිපනම් බදු ලෙස ගෙවිය යුතුය. එහිදී

සෑම වර්ෂයකම ජනවාරි 31 දිනට පෙර වරිපනම් බදු ගෙවන්නේ නම් ඔබට 10% වට්ටමක් හිමි වේ.
කාර්තුවේ මුල් මාසයේ දී ගෙවන්නේ නම් 5% ක වට්ටමක් හිමිය.
දිගින් දිගටම ඔබ වරිපනම් බදු ගෙවීම පැහැරහරින්නෙකු නම්,ඔබගේ වරිපනම් හිඟ ශේෂ මුදල සඳහා % වරෙන්තු ගාස්තුවක් එකතු වේ.

Top